
වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත.
පසුගිය සෙනසුරාදා (20), හංගේරියානුවෝ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට සූදානම් වූහ. ශාන්ත ස්ටෙපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙන අතර, එදින රාත්‍රීයේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙයි.
රාජ්‍ය අනුග්‍රහයෙන්, වාර්ෂිකව පැවැත්වෙන මෙම අලංකාර මල් වෙඩි සංදර්ශනය හංගේරියාවේ අනන්‍යතාවක් වන අතර මිලියන 20 කට වැඩි පිරිසක් එම නැරැඹීමට බුඩපෙස්ට් අගනුවරට එක්රොක් වෙති.
පසුගිය 20 වැනිදා ද බුඩපෙන්ස්ට් අගනුවර, ඩැනියුබ් නදිය දිගේ කිලෝ මීටර් 5 ක් දුරක, ස්ථාන 240 ක, මල් වෙඩි 40,000 ක් සූදානම් කර තිබුණේ රාත්‍රියේ ඒවා දැල්වීමේ අරමුණ ඇතිවය.
මල් වෙඩි සංදර්ශනයට සියල්ල සූදානම් වෙද්දී, හංගේරියානු ජාතික කාලගුණ විද්‍යා සේවය, අනාවැකි නිකුත් කළේ ප්‍රචණ්ඩ වැහි කුණාටුවක් නගරයට හමා එන බවත්, මල් වෙඩි සංදර්ශනය පැවැත්වීමට නොහැකි වනු ඇති බවත් පෙන්වා දෙමිනි. ඒ අනුව, අකමැත්තෙන් වුවත් මල්වෙඩි සංදර්ශනය අවලංගු කෙරුණි. මෙය බොහෝ දෙනාගේ නොසතුටට හේතුවක් විය.
කෙසේ නමුත් අනාවැකිය බොරු කරමින්, වැහි කුණාටුව අගනුවර මඟ හැර ගිය අතර, අගනුවරට වැසි ඇද හැලුණේ නැතැයි පැවැසෙයි. වැසි ඇද හැලුණේ නැගෙනහිර ප්‍රදේශ කීපයට පමනක් බව ද හංගේරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ජාතික කාලගුණ විද්‍යා සේවයට නිවැරදිව කාලගුණ අනාවැකි කීමට නොහැකි යැයි හංගේරියානු ජනතාව අතරේ විරෝධයක් සහ අප්‍රසාදයක් නැගෙන්න විය. ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන්, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියත්, නවෝත්පාදන අමාත්‍ය ලැස්ලෝ පල්කොවික්ස්, එම ප්‍රධානීන් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට කටයුතු කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නම් කාලගුණේ වහිනවා කිව්වොත් අනිවාර්යයෙන් පායනවා. පායනවා කිව්වොත් වහිනවා. ඒ අතින් අපේ අය ටක්කෙටම හරි...!
එහෙත් ඉන්නෙ මෙහෙවගෙ අමතිවරුද? සැටලයිට් තාක්ශනික පින්තුර හා වීඩියෝ බලුවොත් පෙනෙයි සුලග හමන දිසාවල් ක්ශනිකව මොහොතින් මොහොත වෙනස්වෙනබව.
ලංකාවේ අනාවැකි කියන විදියට, හරිනම් ලංකාවේ කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ කවුරුත් නැති වෙන්න ඕනේ.
ලංකාවේ උන් හරි වාසනාවතයි.... නැත්නම් කියන අනාවැකිවල හැටියට මුන්ව රටින් පිටුවහල් කරන්න වෙන්නේ.
හංගේරියාවේ ජනගහනයත් මිලියන 10යි. මිලියන 20ක්?
එහෙනම් අපේ රටේ ඉන්න නිලධාරින්ව එල්ලන්න වෙන්නෑ කියන බොරුවලට
මෙහෙ ඉල්ලා අස්වෙන්න කවුරුවත් නැහැ. ජනතාව තමයි ඉල්ලා අස්වෙලා රටත් ඇරලා යන්න ඉන්නේ.
කාලගුණ අනාවැකි කෙසේ වෙතත් රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත බලලෝබි දේසපාලුවන්ටවත් කිසිම අවුලක් නැහැ .