IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් මවුවරුන්ට ’වීර මාතා’ ගෞරව නාමය

දරුවන් 10 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සියින රුසියන් මවුවරුන්, ‘වීර මාතා’ යන ගෞරව නාමයෙන් හැඳින්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ.

එසේ දරුවන් 10 ට වැඩිය සිටින රුසියන් මවුවරුන්ට ‘වීර මාතා’ ගෞරව නායම පමණක් නොව, රුසියානු රූබල් මිලියනයක මුදලක් ද හිමි වෙයි. 10 වැනි දරුවාට වසරක් පිරුණු අවස්ථාවේ දී මෙම ගෞරව නාමය සහ තෑගි මුදල එම මවට ප්‍රදානය කරනු ඇතැයි ද පැවැසෙයි.

මෙම ගෞරව නාමය සහ තෑගි මුදල ලබා ගැනීමට දරුවන් 10 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටි පමණින් නොහැකි අතර ඒ සඳහා සපුරාලිය යුතු අමතර සුදුසුකම් කිහිපයක් ද තිබේ.

එහිදී මව, තම දරුවන් දස දෙනාට එක සමාන සෞඛ්‍ය, අධ්‍යාපන සහ කායික රැකවරණයක් ලබාදිය යුතුය. දරුවන්ගේ අධ්‍යාත්මික සහ සදාචාර සංවර්ධනයන් ප්‍රමාණවත් අයුරින් සිදු කර තිබිය යුතුය.

ගෞරව නාමය සහ මුදල් ත්‍යාගය ලබා ගැනීමට දරුවන් 10 දෙනා ජීවතුන් අතර සිටිය යුතුය. කෙසේ නමුත් යුද්ධයේදී හෝ රාජ්‍ය සේවයේ කටයුතු කරමින් මියගිය අයකු හෝ සිටින්නේ නම් එම මවුවරුන්ට ද ‘වීර මාතා’ ගෞරව නාමය සහ මුදල් ත්‍යාගය හිමි වනු ඇතැයි ද පැවැසෙයි.

‘වීර මාතා’ ගෞරව නාමය, 1944 වසරේ දි ප්‍රථමයෙන් පිරිනැමීම සිදුවුණු අතර, එය 1991 වසරේ සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටෙන තෙක් ක්‍රියාත්මක විය.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් මවුවරුන්ට ’වීර මාතා’ ගෞරව නාමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site