IMG-LOGO

අලුත් විදියේ අත්-පා-මුඛ රෝගයක් ඉන්දියාවේ

ඉන්දියාවේ පැතිරෙන නව වයිරස උණ රෝගයක් ගැන එරට වෛද්‍යවරු බිය පළ කරති. ‘තක්කාලි උණ’ (ටොමැටෝ ෆීවර්) යන නමින් හැඳින්වෙන මෙම රෝගය, නව මාදිලියේ අත්, පා, මුඛ වයිරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් හඳුනා ගෙන තිබේ. මේ වනවිට කේරළ, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් රෝගී වූ දරුවන් 200 කට වඩා වාර්තා වී ඇති බව පැවැසෙයි.

වයිරසය ආසාදිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයට ඒවා විශාල වීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය ‘තක්කාලි උණ’ ලෙස හඳුන්වන බව පැවැසෙයි.

සාමාන්‍ය අත්, පා, මුඛ රෝගයේදී මෙන්ම මෙම නව රෝගයේ ද රෝග ලක්ෂණ වන්නේ අධික උණ, උගුරේ ආසාදන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම, තෙහෙට්ටුවය. ඊට අමතරව, කුඩා දරුවන් අතරේ ඔක්කාරය, වමනය සනහ පාචනය ද දැකිය හැකිය.

අත්, පා, මුඛ රෝගය එන්ටරෝ වයිරස් නමැති වයිරස පවුලේ සාමාජිකයකු වන අතර, අවුරුදු 9 ට අඩු කුඩා දරුවන්ට ආසාදනය වන උණ රෝගී තත්ත්වයකි. ඉන්දියාවේ පැතිරෙන ‘තක්කාලි උණ’ එන්ටරෝ වයිරස් පවුලට එක්වන නවතම සාමාජිකයා යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

අත්, පා, මුඛ රෝගයට හෝ එහි නව මාදිලිය ලෙස හඳුනා ගත් මෙම ‘තක්කාලි උණ’ සඳහා ද කිසිදු ඖෂධයක් නැත. රෝගය සමඟ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම්, ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

‘තක්කාලි උණ’ පළමුවෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයේ කොල්ලාම් නුවර අයත් කොල්ලාම් දිස්ත්‍රික්කයෙනි. ඒ, පසුගිය මැයි 6 වැනිදාය. අද වනවිට කේරළයේ අන්චල්, ආර්යන්කාවු සහ නෙදුවතූර් යන දිස්ත්‍රික්කවලට ද වයිරසය ව්‍යාප්ත වී ඇත. කොල්ලාම් දිස්ත්‍රික්කයෙන් පමණක් ‘තක්කාලි උණ’ රෝගී දරුවන් 82 ක් හමුවී ඇත. ඒ සියලු දෙනා අවුරුදු 5 ට අඩු දරුවන්ය.

කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වූ ජූනි සහ ජූලි මාස වනවිට ‘තක්කාලි උණ’ අසල්වැසි  තමිල්නාඩුවටත්, ඔඩීෂා ප්‍රාන්තයටත් ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. ඔඩීෂා ප්‍රාන්තයේ ‘තක්කාලි උණ’ ආසාදනය වී ඇත්තේ අවුරුදු 1 ත් 9 ත් දරුවන්ටය. දරුවන් 26 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි බුබනේෂ්වෝර් ප්‍රදේශීය වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අලුත් විදියේ අත්-පා-මුඛ රෝගයක් ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 465 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site