වේගයෙන් ඉදිරියට එන විශ්ව විද්‍යාල ඉන්දියාවේ, බැංගලූරු විද්‍යා ආයතනය දකුණු ආසියාවේ වේගයෙන්ම ඉදිරියට එන විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලූරුහි පිහිටි ඉන්දීය විද්‍යා ආයතනය ‘බැංගලූරු අයි.අයි.එස්.සී’ විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වේ. 19 June 2022
අගමැති මෝදිගේ අම්මාට 99 ක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව හොරාබාන් ඇගේ 99 වැනි ඡන්ම දිනය සැමරුවාය. ඡන්ම දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි ගුජරාඨයේ ජීවත්වන සිය මව බැලීමට ගිය බවත් ඇගේ පාද නමස්කාරය කරමින් ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 18 June 2022
බයිඩන් පා පැදියෙන් වැටිලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, උදෑසන මුහුදු වෙරළේ සිය පා පැදිය පදිමින් සිටිද්දී, පා පැදිය සමඟ ඇදගෙන වැටුණු නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවිණි. 18 June 2022
බංග්ලාදේශයට මහ වැසි: ජල ගැලීම් බංග්ලාදේශයට නොකඩවා ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් එරට පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් මිලියන හතරකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 25 කි. 18 June 2022
බ්‍රිතාන්‍ය අගමැති යළිත් යුක්රේනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් වරක් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 18 June 2022
අසාන්ජ් ඇමෙරිකාවට දෙන්න බ්‍රිතාන්‍යය සූදානම් ඇෆ්ගනිස්තානය සහ ඉරාකය සම්බන්ධ ඇමෙරිකා රජයේත් හමුදාවේත් රහස් ලොවට හෙළි කළ ජුලියන් අසාන්ජ් ඇමෙරිකාවට උදර්පණය කිරීමට මහා බ්‍රිතාන්‍යය කැමැත්ත පළ කර තිබේ. 17 June 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වෙස්ටාවියා හිල්ස් නගරයේ දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් එක් අයකු තුවාල ලැබීය. 17 June 2022
ඉන්දියාව කලඹන ‘අග්නිපාත්’ ඉන්දීය මධ්‍යම රජය හඳුන්වා දුන්, හමුදාවට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ‘අග්නිපාත්’ නමින් නම් කළ නව වැඩපිළිවෙළට ජනතා විරෝධයක් එල්ල වී තිබේ. 17 June 2022
පාකිස්තාන අගමැතිවරුන්ට වඩා බිරියන් පොහොසත් පාකිස්තාන අග්රාමාත්යවරුන්ට වඩා අගමැති බිරියන් පොහොසත් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන මාධ්‍ය මෙසේ වාර්තා කර ඇත්තේ 2020 ජූනි 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන මැතිවරණ කොමිසම වෙත ගොනු කෙරුණු වත්කම් ප්‍රකාශ උපුටා දක්වමිණි. 16 June 2022
ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට මීළඟ නේටෝ සමුළුවට තමන් සහභාගී වන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා පවසයි. ජපානය ’නේටෝ’ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර ’නේටෝ’ සමුළුවකට සහභාගී වන පළමු ජපාන අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ෆුමිකෝ කිෂිඩා ය. 16 June 2022
ඇන්තනි ෆවුචිට ’කොවිඩ්’ ’කොවිඩ් 19’ වසංගතය ඇමෙරිකාවට පැමිණීමට පෙර සිටම ඒ ගැන ඇමෙරිකානුවන්ට අනතුරු අඟවමින්, දැනුවත් කරමින්, සෞඛ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළ වෛද්‍ය ඇන්තනි ෆවුචි ’කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි. 16 June 2022
අපට ඕනෑ දිගුදුර මිසයිල: යුක්රේන ජනපති රුසියන් හමුදාවට එරෙහි සටනේදී, තම හමුදාවට ඇති තරම් පතුරම් තොග බටහිර රටවලින් ලැබී ඇති බවත්, ඉදිරියට තමන්ට අවශ්‍ය වන්නේ දිගු දුර මිසයිල පද්ධති යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 15 June 2022
තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ. 15 June 2022
ගිනි අවි තබා ගැනීමේ නව නීතියක් ඇමෙරිකා එක්සත් ජනපද ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර මයික් ඩිවයින් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයට පැය 24 ක පුහුණුවෙන් පසු බලපත්‍ර රහිතව ගිනි අවියක් රැගෙන යා හැකි බවට ඉකුත් 13 වැනිදා ඉදිරිපත් වූ පනත් කෙටුම්පතකට අත්සන් තබමින් එය නීතියක් බවට පත් කළේය. 15 June 2022
අඩි 80 ක් ගැඹුරු ළිඳට වැටුණු දරුවා බේරා ගැනේ අඩි 80 ක් ගැඹුරු ළිං කුහරයකට වැටී සිරවුණු 11 හැවිරිදි දරුවකු පැය 110 නට පසු බේරා ගැනීමට හැකිවිය. දරුවා බේරා ගැනීම ඉන්දීය හමුදා සොල්දාදුවන්ගේ සහාය ඇතිව සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි. 15 June 2022
ජපන් යෙන් අවප්‍රමාණය වෙයි වසර 20 කට පසු, ජපානයේ යෙන් මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ. 15 June 2022
රුවන්ඩාවට සංක්‍රමණිකයන් ගෙනයෑම අවලංගු කෙරේ මහා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයන් පිරිසක් රුවන්ඩාවට ගෙන යෑමට බ්‍රිතාන්‍ය රජය සැලැසුම් කර තිබුණ ද අවසන් මොහොතේ එම තීරණය වෙනස් කෙරුණි. 15 June 2022
රාහුල් ගාන්ධිගෙන් පැය 10 ක් ප්‍රශ්න කරලා ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ’කොංග්රස්’ පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධිගෙන් පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. ඒ, රාහුල් ගාන්ධිට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙනි. 14 June 2022
’කොවිඩ්’ ආසාදිනය වී සෝනියා ගාන්ධි රෝහලේ කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකුලතා හේතුවෙන් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායිකා 75 හැවිරිදි සෝනියා ගාන්ධි රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 13 June 2022
බෝම්බ බියකින් කැනඩා පාර්ලිමේන්තුව කැලඹේ බෝම්බ බියකින් කැනඩා පාර්ලිමේන්තුව කැලැඹිණි. ආරක්ෂක අංශ පැවැසුවේ, පාර්ලිමේන්තුව අසල මෝටර් රථයක පුපුරන ද්‍රව්‍ය අටවා ඇති බවට තමන්ට ඔත්තුවක් ලැබුණු බවය. 13 June 2022
චිකාගෝ නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 13 June 2022
චීනයට දොර වහන්නේ නෑ චීනය තරහා කර ගැනීමේ කිසිදු වුවමනාවක් නැතැයි තායිවාන අග්‍රාමාත්‍ය සු ත්සෙන්ග් චාන්ග් පවසයි. සමානාත්මතාව සහ කිසිදු පූර්ව දේශපාලන කොන්දේසියකින් තොරව චීනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයි ද හෙතෙම කීය. 13 June 2022
ජනපති මැක්රොන්ගේ සන්ධානයට බහුතරය හිමිවෙයි ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිගටම පවත්වා ගෙන යෑමට හැකියාව ලැබුණි. 13 June 2022
ඉන්දියාව-වියට්නාමය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි ඉන්දියාව සහ වියට්නාමය අතර ඉකුත් දා නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබිණි. වසර 2030 වනවිට දෙරට අතර ද්විපාර්ශවීය ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. 13 June 2022
තිරිඟු ටොන් ලක්ෂ 3 ක් රුසියන් ප්‍රහාරවලින් විනාශයි රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් තමන් සතු තිරිඟු ටොන් ලක්ෂ තුනක් විනාශ වී ඇතැයි යුක්රේනය චෝදනා නගයි. මෙසේ චෝදනා නගා ඇත්තේ යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ටරාස් යොටොස්කීය. 12 June 2022
යුරෝපා සංගමයේ ප්‍රධානියා යුක්රේනයේ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. උර්සුලා වොන් දර් ලින් කීව් අගනුවර බලා පැමිණියේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. 12 June 2022
ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව වීදි බසිති මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවේ මුස්ලිම් තරුණ තරුණියන් නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ. 12 June 2022
උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධුරයට කාන්තාවක් උතුරු කොරියානු විදේශ අමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවී ඇත. විදේශ ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ද සැලකෙන චෝ සෙන් හුයි ය. 11 June 2022
රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය. 11 June 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026