IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජෝ බයිඩන් රාජ්‍ය සතුරෙක් - ට්‍රම්ප්

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකාවේ රාජ්‍ය සතුරකු යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

හිටපු ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ පෙන්සිල්වේනියාවේ පැවැති ජන රැලියක් අතරතුරේය. ට්‍රම්ප් චෝදනා නගන්නේ, තමන් දේශපාලනික වශයෙන් පළිගැනීම්වලට ලක්වන බවත්, ඒ සියල්ල සිදුවන්නේ වත්මන් ජනාධිපති බයිඩන්ගේ අනුදැනුම මත බවත්ය.

ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගේ නිදහස ඇමෙරිකානුවන්ට අහිමි කර ඇතැයි ද ජන රැලිය අමතමින් ට්‍රම්ප් පැවැසීය.

පසුගිය අගෝස්තු 8 වැනිදා, එෆ්.බී.අයි. පරීක්ෂකවරු ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි ‘මා අ ලාගෝ’ මන්දිරට කඩා වැදී මන්දිරය සෝදිසි කළහ. එම අවස්ථාවේදී, ‘යුක්තියට බාධා’ වන ආකාරයේ ලියකියවිලි රැසක් සොයා ගෙන ඇතැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබේ.

එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්, හදිසියේ තම මන්දිරයට කඩා වැදී එය සෝදිසි කිරීම ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විවේචනය කළ පළමු අවස්ථාව මෙයයි.

එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කළ එම සෝදිසි කිරීම නීත්‍යාණුකූල නොවන බවට ද ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් දිගින් දිගටට පවසා ඇත්තේ, දේශපාලනික වශයෙන් තමන්ට එල්ල වුණු කෙණෙහිලිකමක් බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජෝ බයිඩන් රාජ්‍ය සතුරෙක් - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site