මේ වනවිට ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සියල්ල නියමිත පරිදි සිදු වුවහොත් ඉන්දියාවේ වඩාත් සෞභාග්‍යයමත් සහ වැඩියෙන්ම විදේශ විනිමය සංචාරක ගමනාන්තය බවට පත්වීමට ජම්මු හා කාශ්මීරයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.
ඉන්දීය පරිපාලනය යටතේ තිබෙන ජම්මු හා කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින අතර එය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනෙමින් තිබේ.
අනපේක්ෂිත ලෙස ජම්මු හා කාශ්මීරයට සංචාරකයන් පැමිණීම නිසා කිසිදු ප්‍රදේශයක් සංචාරක වැදගත්කමක් නැතැයි සලකා නොසලකා හැර නොසිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම සැලකිල්ලට ගනිමින් නව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ඒ තුළින් තරුණ තරුණියන් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට පරිපාලනය තීරණය කර තිබේ.
මීට අමතරව විනෝදාස්වාදය, සංචාරක ක්‍රීඩා, අත්කම් ඇතුළු ජම්මු හා කාශ්මීරයට ආවේණික දෑ ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය තුළින් මෙම ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් ඇත.
මේ ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ල සාර්ථක වුවහොත් ජම්මු හා කාශ්මීරය සෞභාග්‍ය කරා ගමන් කරනු ඇතැයි ද ඉන්දියාවේ වැඩිම විදේශ විනිමය ආදායමක් උපයන ප්‍රදේශය බවට පත්වනු ඇතැයි ද බලධාරීහු විශ්වාස කරති.
(එන්.ඩී.ටිවි.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දු කාශ්මීරය සංචාරක ගමනාන්තයක්