
නිරවි යුද්ධය සාමකාමී ලෙස නිමා කළේ යැයි බටහිර පැසැසුමට ලක්වුණු මෙන්ම සෝවියට් දේශය කැබලි කළේ යැයි ඇතැම් රුසියනුවන්ගේ ගැරැහුමට ලක්වුණු අවසන් සෝවියට් නායක, අභාවප්‍රාප්ත මිහායිල් ගොර්බවොච්ගේ අවසන් කටයුතු ඊයේ (3) හමුදා ගෞරව මැද සිදුවිය.
මහජන ගෞරවය සඳහා ගොර්බවොච්ගේ දේහය තැන්පත් කර තැබුණේ මොස්කව් අගනුවර ‘හවුස් ඔෆ් යූනියන්ස්’ ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවේය. දහස් ගණනක් රුසියානුවන් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ පැය ගණනක් පෝළිම්වල රැඳී සිටිමිනි.
පසුගිය කාලය පුරා රෝගාබාධ රැසකින් පීඩා විඳි ගොර්බවොච්, අභාවප්‍රාප්ත වූයේ පසුගිය අගෝස්තු 30 වැනිදාය. ඒ වනවිට ඔහු 91 හැවිරිදි වියෙහි පසුවිය. ගොර්බවොච් අභාවප්‍රාප්ත වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ගොර්බවොච් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් නොපැවැත්වුණු අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඊට සහභාගී නොවිණි. පුටින් ට අවමංගල්‍යයට සහභාගීවීමට ඉඩ නොලැබුණේ ඔහුගේ රාජකාරි කටයුතු හේතුවෙන් යැයි පැවැසෙයි.
එසේ වුවත් ගොර්බවොච් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් ශෝක පණිඩුයක් නිකුත් කිරීමටත්, රෝහලේ දේහය තැන්පත් කර තිබියදී ඊට අවසන් ගෞරව දැක්වීමටත් ජනාධිපති පුටින් කටයුතු කළේය.
සෝවියට් දේශයේ බිඳ වැටීමට ගොර්බවොච් හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණ හේතුවක් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද විශ්වාස කරයි. සෝවියට් දේශයේ බිඳ වැටීම රුසියාව මුහුණ දුන් මහා භූ දේශපාලනික අර්බුදයක් බව ජනපති පුටින් අවස්ථා ගණනකදී පවසා තිබේ. රුසියාව යනු සෝවියට් දේශයට අයත් වූ ප්‍රධානතම කොටසය.
මේ අතර, රුසියාවේ ඇමෙරිකන් තානාපති ජොන් සලවන් ද මොස්කව් නුවර ‘හවුස් ඔෆ් යූනියන්ස්’ ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවට ගොස් අවසන් සෝවියට් නායක ගොර්බවොච් ට ගෞරව දැක්වීය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහායිල් ගොර්බචොව් අවසන් ගමන් යයි