
රුසියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යන බවත්, දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්මවා හඳුනා ගැනෙන බවත් එරට සෞඛ්‍ය අංශ කියයි.
රුසියාවෙන් දෛනිකව ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්මවා මෙසේ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මාර්තු 9 වැනිදායින් පසුව යැයි ද සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 51,699 කි.
රුසියන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එරට යළිත් වරක් ‘කොවිඩ් 19’ රැල්ලක් නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය ජූලි මාසයේ සිටය. මේ වනවිට රුසියාවේ ද පැතිර යන්නේ, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ බිහිසුණු උප ප්‍රභේද යැයි හඳුනාගෙන තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd