
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකානු ‘නෝවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘නුවැක්සෝවිඩ්’ නමැති ප්‍රතිශක්තිකරණ එන්නත යුරෝපා රටවල වැඩිහිටියන්ට ලබා දීම සඳහා යුරෝපා රටවල ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ.
‘නෝවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම ආරම්භ කළේ ‘කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට නොව, විකෘති ප්‍රභේද ඉලක්ක කර ගනිමිනි. එහෙයින්, විකෘති ප්‍රභේදවලට වඩාත් සුදුසු ‘නෝවාවැක්ස්’ නිපදවූ ‘නුවැක්සෝවිඩ්’ එන්නත යැයි පැවැසෙයි.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය අඩපණ කිරීමට ද ‘නුවැක්සෝවිඩ්’ එන්නතට හැකියාව ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ‘නුවැක්සෝවිඩ්’ එන්නත, යුරෝපා වැසියන්ට ලබා දෙන්නේ ‘බූස්ටර්’ එන්නතක් ලෙසය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd