
'ආර්ටමිස්' නමැති චන්ද්‍ර මෙහෙයුම් මාලාවේ 'ආර්ටමිස් 1' චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, ඇමෙරිකාවේ නාසා ආයතනය, 'ඔරායන්' නමැති යානය සඳ වෙත යැවීමට යළිත් වරක් සූදානමින් සිටී.
'ඔරායන්' යානය අභ්‍යවකාශයට ගෙන ගොස් සඳ ගමනට තල්ලුවක් දෙන්නේ 'ස්පේස් ලොන්ච් සිස්ටම්' නමැති දැවැන්ත රොකට්ටුවකින් සමන්විත රොකට් පද්ධතියකිනි. නාසා ආයතනය මෙම රොකට්ටුන ගුවන්ගත කිරීමට සූදානමින් සිටී.
රොකට්ටුව පළමුවෙන් ගුවන්ගත කිරීමට සුදානම් වූයේ පසුගිය 29 වැනිදාය. අවසන් මොහොතේ රොකට් ඇන්ජිමේ සිදුවුණු කාන්දුවීමක් හේතුවෙන් එය අවලංගු කෙරුණි. අද දිනයේ රොකට්ටුව යළි ගුවන්ගත කිරීමට සූදානම් වන්නේ හටගත් දෝෂය නිවැරදි කිරීමෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd