
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වුණු පාකිස්තානුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක ආධාර ලබා දීමට ඇමෙරිකන් රජය තීරණය කර තිබේ. මේ බව නිවේදනය කළේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයයි.
‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා පිහිටුවූ නියෝජිත ආයතනය (යූ.එස්.ඒ.අයි.ඩී.) හරහා, මහ වැසි සහ ජල ගැලීම්වලින් පීඩාවට පත් වූ පාකිස්තාන ජනතාවට වෙනුවෙන්, ඩොලර් මිලියන 30 ක මානුෂීය ආධාර ලබා දීමට ඇමෙරිකන් රජය තීරණය කර තිබේ’ යැයි ඉස්ලාමාබාද් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත.
පාකිස්තානයට මහ වැසි ඇද හැලෙන්න වූයේ මෝසම් වැසි සමයේ ආරම්භයත් සමඟය. පාකිස්තානයෙන් තුනෙන් එකක් මේ වනවිට ජලයෙන් යටවී ගොස් ඇතැයි පැවැසෙයි. ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 1,100 කි. පාකිස්තානයට මෝසම් වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේ සිටය.
පාකිස්තාන ඉතිහාසයේ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බවත්, මෙවැනි අයහපත් කාලගුණයකට රට මීය පෙර මුහුණු දී නොමැති බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ. මේ වනවිට පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
පාකිස්තානය මෙසේ අයහපත් කාලගුණයකින් බැටකන්නේ, රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙද්දීය. පාකිස්තාන වැසියන්ට ආධාර අවශ්‍ය යැයි එරට විදේශ අමාත්‍ය බිලාවිල් භූතෝ ද ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත.
ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ (අයි.එම්.එෆ්.) පාකිස්තානයට මූල්‍ය ආධාර ලබා දීමට කැමැත්තෙන් පසුවෙයි. කෙසේ නමුත් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ඉරිදිපත් කළ කොන්දේසි සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ප්‍රමුඛ රජය සමත් වී නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට මිලියන 30 ක මානුෂීය ආධාර