කොන්සර්වටිව් පක්ෂයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම බි්‍රතාන්‍ය වේලාවෙන් අද (2) පස්වරු 5 අවසන් වීමට නියමිත බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර මසකට පසු ඡන්ද විමසීම ආරම්භ වුණු අතර කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් ලක්ෂ 2 කට අසන්න පිරිසක් ඡන්දය ලබා දුන්නේය.

නිල ඡන්ද ප්‍රතිඵල එළඹෙන සඳුදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට පසු දින අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ නිල අස්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින වෙත ලබා දීමට නියමිතය.නව කොන්සර්වටිව් පක්ෂ නායකයා 2025 ජනවාරි මාසය තෙක් බි්‍රතන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

කොන්සර්වටිව් පක්ෂ නව නායකයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් පත්වනු ඇතැයි සමීක්ෂණ පෙන්වා දී තිබුණත් තම අවසන් මොහොත තෙක් බලාපොරොත්තු අත් නොහරින බව රිශී සුනාක් ප්‍රකාශ කළේය.

(බීබීසී)