
තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 ක හමුදා ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.
බයිඩන් ගත් මෙම තීරණයට එරට කොංග්‍රසයේ අනුමැතිය ලැබුණු සැණින්, එම ආධාර පැකේජය තායිවාන රජයට හිමිවනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කරන්නේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ගත් මෙම තීරණය මුල්කොට ගනිමින් චීනය සහ කායිවානය අතරත් චීනය සහ ඇමෙරිකාව අතරත් පවතින අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවය.
තායිවානය චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. වෙනම පාලනයක් පැවැතියත්, තායිවානය ‘එක් චීනයක්’ සංකල්පය යටතේ තමන්ට අයත් බව චීනයේ විශ්වාසයයි.
ඉකුත් මාසයේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයකට පැමිණියේ චීනයේ දැඩි විරෝධය මැදය.
නැන්සි පෙලෝසි, තායිවාන පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කළාය. එම අවස්ථාවේදී චීනය තායිවානයට අනතුරක් වන අයුරින් යුද අභ්‍යාස පැවැත්වූ අතර, තායිවානයට සම්බාධක රැසක් ද පැනැවීය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානයට බිලියනයක් වටිනා යුද ආධාර