
‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගත්හ. ෂෙංග්ඩූ නගරයේ ජනගහනය මිලියන 21 කි.
නගරයට පිවිසීමට හෝ නගරයෙන් පිටවීම හෝ කළ නොහැකි අතර, නගර වැසියන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව පැවැසෙයි.
චීනය ‘කොවිඩ් 19’ වයිරස සමාජ ව්‍යාප්තිය පාලනය කර ගන්නේ, නගර සහ පළාත් පිටින් මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, සෑම ‘කොවිඩ් 19’ ආසාදිතයකුම හඳුනාගෙන ඔවුන් වෙන් කරමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd