චීන කැණීම් නිසා බෞද්ධ නගරය අවදානමේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආසන්නයේ දැවැන්ත කඳු මුඳුන් සහිත ප්‍රදේශයකින් පුරාවිද්‍යාඥයින් මතු කර ගත් මෙස් අයිනාක් බෞද්ධ නගරය විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 June 2022
නිවාස අඩස්සියේ සිටි සූ කී බන්ධනාගාරයට මියන්මාර හමුදා පාලකයන් විසින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කෙරුණු එරට ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී, නායිපායිදේව් අගනුවර හමුදා බන්ධනාගාරයේ සිර මැදිරයකට මාරු කෙරුණු බව වාර්තා වේ. 23 June 2022
ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරය ලොව ජීවත් වීමට සුදුසුම නගරය ඕස්ට්‍රියාවේ වියානා නගරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඇමෙරිකාවේ ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව මැදිඑත් වී සිදු කළ සමීක්ෂණ වාර්තා අනුවය. 23 June 2022
පාකිස්තානයට බිලියන 2.3 ක ණය මුදලක් පකිස්තානයේ සිඳී යන විදේශ සංචිත හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීන බැංකු සමූහයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් ලබා දී ඇති බවත් ඉදිරි දින කිහිපය තුලදී එම මුදල් පකිස්තානයට ලැබීම ආරම්භ වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 June 2022
තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇවිල්ලා ‘ඒඩීඅයිසෙඩ්’ නමින් හඳුන්වන තායිවානයේ ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට චීන හමුදාවේ ගුවන් යානා 29 ක් ඊයේ (21) ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. 23 June 2022
ලන්ඩන් අපවහන නළයකින් පෝලියෝ විෂබීජ හමුවෙලා ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. 23 June 2022
ඇෆ්ගන් වැසියන්ට ආධාර ඇෆ්ගනිස්තානය කැළැඹූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට මානුෂීය ආධාර කඩිනමින් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉදිරිපත් වී තිබේ. 23 June 2022
‘බ්‍රික්ස්’ සමුළුව චීනයේ චීනයේ ප්‍රධානත්වයෙන් 14 වැනි ‘බ්‍රික්ස්’ සමුළුව බෙයිජීං අගනුවරදී ආරම්භ වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය සහ දකුණු අප්රිනාව යන රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවය. 23 June 2022
ඇමෙරිකාවේ මගී දුම්රියක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් අයකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 23 June 2022
භූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනී ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ. 22 June 2022
නාසි හමුදා පරාජය කිරීමේ සැමරුම සෝවියට් දේශයේ හමුදා හිට්ලර්ගේ නාසි හමුදා පරාජය කිරීමේ ‘අනුස්මරණ සහ ශෝක දින‘ සැමරුම් උත්සවය අද (22) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්විණ. 22 June 2022
සිගරට්වල නිකටින් අඩු කරන්න සූදානම් ඇමෙරිකාවේ දුම්වැටිවල අඩංගු නිකටින් ප්‍රමාණය, ‘ඇබ්බැහි නොවන මට්ටමට’ අඩු කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ. 22 June 2022
ඉන්දීය ජනපති ධුරයට ද්‍රෞපදී මුර්මු නම් කෙරේ ඉන්දීය ජනාධිපතිවරණය ජූලි 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට සිදුවෙයි. 22 June 2022
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි. 22 June 2022
ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. 22 June 2022
ණය ගෙවා ගන්න බැරිව එකම පවුලේ 9 ක් මැරිලා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ එකම පවුලේ 9 දෙනෙකු අධික ණය බර හේතුවෙන් දිවි නසා ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 21 June 2022
ඊශ්‍රායලයේ නව අගමැති යාර් ලාපිඩ් යළිත් වරක් මහ මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායලයට සිදුවී ඇත. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ සන්ධාන රජය බිඳ වැටී ඇති බැවිනි. 21 June 2022
ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා ලොව විශාලතම ‘මිරිදිය මත්ස්‍යයා’ ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝ ග්‍රෑම් 300 ක් බර මඩුයකු මීකොං ගංගාවෙන් හමුවී තිබේ. 21 June 2022
ඉන්දීය ජනපතිවරණයට ගාන්ධි මුණුපුරාගේ නමත් ඉන්දීය ජනාධිපතිවරණය ලබන ජූලි 18 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට ආරම්භ වී ඇත. 21 June 2022
ජාත්‍යන්තර යෝග දිනය අද ජාත්‍යන්තර යෝග දිනය අද (21) ට යෙදී තිබේ. යෝග ව්‍යායාම හරහා නිරෝගී දිවියක් යන තේමාව යටතේ, ජාත්‍යන්තර යෝග දිනයක් නම් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිය. 21 June 2022
හිටපු ගරිල්ලා නායක ජනපති ධුරයට කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්රෝ තේරී පත්විය. 20 June 2022
සේරා ඩුටර්ටේ දිවුරුම් දෙයි පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය 44 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ පිලිපීන නව උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය. 20 June 2022
මැක්රොන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි සහ අවසන් වටය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්රමුඛ ඔහුගේ මධ්‍යස්ථමතධාරී ‘ඔන්සොම්බල්’ සන්ධානයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. 20 June 2022
වොෂින්ටන් අගනුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ද ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයෙන් 15 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් විය. 20 June 2022
යුක්රේන යුද්ධය වසර ගණනක් දිග්ගැස්සේවි යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය වසර ගණනාවක් දිග්ගැස්සෙනු ඇති බවත්, යුද්ධය අවසන් වනතුරු බටහිර රටවල් නොකඩවා යුක්රේනයට සහයෝගය ලබා දීමට සූදානමින් සිටිය යුතු බවත් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසයි. 20 June 2022
කාබුල් ෂීක්වරුන්ට ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂීක්වරුන්ගේ යාඥා මෙහෙයකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත. 19 June 2022
ඉන්දීය රජයට දිගටම විරෝධතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ආණ්ඩුව, හමුදාවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් හඳුන්වා දී තිබෙන නව ක්‍රමවේදය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයකම නොසන්සුන්තා ඇති වී තිබේ. 19 June 2022
උතුරු කොරියාවේ අභිරහස් රෝගයක් උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800 ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොලරාව හෝ ටයිපොයිඩ් උණ විය හැකි බවයි. 19 June 2022
ධීවර කර්මාන්තයට දෙන සහනාධාර සීමා කරන්න ධීවර කර්මාන්තයට ලබාදෙන සහනාධාර සීමා කරන්නැයි ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දීය ධීවර ප්‍රජාවෙන් විරෝධයක් එල්ල වී තිබේ. 19 June 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026