
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍ය වෙනුවෙන් විලියම් සහ හැරී කුමාරවරුන් හිත්අමනාපකම් පසෙකලා යළි එකමුතු වී සිටිති.
දෙවැනි එලිසබත් මහ රැජින විලියම් සහ හැරී කුමරුන්ගේ මිත්තණිය වන අතර, එලිසබත් රැජිනගෙන් පසු රජ කිරුළ හිමි චාල්ස් කුමරු ඔවුන්ගේ පියාය. චාල්ස් කුමරුන්ගෙන් පසු කිරුළ හිමිවන්නේ වේල්සයේ කුමරු යන ගෞරව නාමයෙන් හැඳින්වෙන විලියම් කුමරුන්ටය.
එලිසබත් මහ රැජින අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙද්දී ඒ බව සැලවුණු සැණින් හැරී කුමරු මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. රාජකීය කටයුතුවලින් ඈත් වී, රජ පවුලෙන් ද වෙන්වුණු හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ජීවත් වන්නේ ඇමෙරිකාවේය. ඒ රජ පවුලේ සෙසු සාමාජිකයන් මෙගාන් ප්‍රතික්ෂේප කළ බැවිනි.
රැජිනගේ අවමංගල්‍යයේ දී තමන් සමඟ එක්වන මෙන් විලියම් කුමරු හැරී කුමරුන්ට දැනුම් දුන් බවත්, හැරී කුමරු අයියණ්ඩියගේ ඉල්ලීමට කන් දුන් බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ අනුව, විලියම් කුමරු, බිරිඳ කේට් මිඩ්ල්ටන්, හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්, මහ රැජින වෙනුවෙන් සොව පළ කිරීමට වින්ඩ්සෝර් මාලිගය ඉදිරිපිටට රැස්වුණු පිරිස් හමුවීමට හමුවුණු අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කේට් මිඩ්ල්ටන් සහ මෙගාන් මාකෙල් හැකිතාක් එකිනෙකා මඟ හැරීමට උත්සාහ ගත් බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd