
බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙසත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් තේරී පත් වුණු ලිස් ට්‍රස්ට සුබ පතමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇයගෙන් ඉල්ලා ඇත්තේ රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගින් දිගටම යුක්රේනයට සහාය ලඛ කරන ලෙසය.
‘මා විශ්වාස කරනවා නව අගමැතිනිය රුසියන් තර්ජනවලින් අප ආරක්ෂා කරන්න කටයුතු කරාවි. යුක්රේනයේ අප ඇය හොඳින් හඳුනනවා. යුරෝපයේ දේශපාලනය ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා.’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැවැසුවේය.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේන රුසියානු යුද්ධය ආරම්භ වූ දා සිට යුක්රේනයට සහාය දැක්වීය.
යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම, යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීම සහ යුක්රේන හමුදා සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම ද කළේය. ජොන්සන් අවස්ථා කිහිපයකදී යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපතිවරයා සහ යුක්රේන සිවිල් වැසියන් හමුවී කතාබහ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව අගමැතිනියගේ සහාය අපේක්ෂා කරනවා