IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන්, රුසියන් තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු ද ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මරාගෙන මැරෙන බෝම්බකරු කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට කඩා වැදීමට දිව එද්දී, කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඔහුට වෙඩි තබන්න විය. වෙඩි ප්‍රහාරයට ලක් වෙමින් කොන්සල් කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වුණු බෝම්බකරු බෝම්බය පුපුරුවා ගෙන තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කළ බව ද පැවැසෙයි. කාබුල් අගනුවර කොන්සල් කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය කනගාටුව පළ කර ඇත.

2021 අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය තලේබාන් පාලනයට නතුව පවතී. ඇෆ්ගනිස්තානයේ පවතින්නේ තලේබාන්වරුන් පිහිටුවාගත් රජයකි.

තලේබාන්වරුන් බලයට පත්වීමෙන් පසු එරට විදෙස් තානාපතිවරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු පළමු ප්‍රහාරය මෙයයි.

කොන්සල් කාර්යාලයට එල්ල වුණු මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ තිබේ. අයි.එස්.අයි.එස්. කල්ලිය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන අතර මොවුන් තලේබාන්වරුන්ට විරෝධය දක්වයි.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site