
ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩාම වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සංවිධානය දැවැන්ත පා ගමනක් සංවිධානය කර තිබේ. ඒ, ‘එක් ඉන්දියාවක්’ යන තේමාව යටතේය.
රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම පා ගමන, මාස 5 ක කාලයක් තිස්සේ ප්‍රාන්ත 12 ක් පුරා කිලෝ මීටර් 3,570 ක් දුර පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.
‘කොංග්‍රස්’ පක්ෂය ප්‍රමුඛ සන්ධානයට අයත් සෙසු පක්ෂ ප්‍රාන්ත මට්ටමින ඉදිරි කාලයේ දී පා ගමනට එක් වීමට නියමිතය.
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය රජය, ඉන්දියානුවන් ආගමික වශයෙන් මෙන්ම කුලය සහ භාෂාව අතින් ද වෙන් කර ඇති බවත්, සියලු භේද පසෙකළා ඉන්දියානුවන් එකමුතු විය යුතු බවත් පා ගමන සංවිධානය කළ කොංග්‍රස් පක්ෂය පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd