IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහ රැජිනගේ දේහය ලන්ඩනය බලා ගමන් අරඹයි

ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේ දී අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය ලන්ඩන් නුවරට රැගෙන ඒම මේ වනවිට ආරම්භ වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී පැවැත්වෙනු ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට පෙර සිවු දිනක් මහජන ගෞරවය සඳහා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.

96 හැවිරිදි මහ රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය 8 වැනිදාය. ඒ වනවිට ඇය පදිංචි වී සිටි බැල්මෙරාල් මන්දිරය, ඇගේ නිවාඩු නිකේතනයකි. පසුගිය කාලයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජින ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් බැහැරව, පදිංචිය සඳහා තෝරා ගෙන තිබුණේ මෙම මන්දිරයයි.

ස්කොට්ලන්තයේ සිට රැජිනගේ දේහය, එංගලන්තයේ ලන්ඩන් නුවර තෙක් ගෙන ඒමට නියමිතය. රැජිනගේ දේහය තැන්පත් කර ඇත්තේ ඕක් ගසක ලීයෙන් තැනූ මිනී පෙට්ටියක් තුළය.

එම ගමනේ පළමු අදිරය ලෙස සැලකෙන්නේ දේහය විශේෂ රථ පෙරහරකින් බැල්මොරාල් මන්දිරයේ සිට එඩින්බරෝ හි හොලිරූඩ්වුඩ් මාලිගය තෙක් කිලෝ මීටර් 280 ක දුරක් ගෙවා රැගෙන ඒමය. එම ගමනේ දී ඇබර්ඩීන්, ඩන්ඩී සහ පර්ත් යන නගර පසු කරනු ඇති අතර, මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට බොහෝ දෙනකු මඟ දෙපස රැස් වී සිටිනු ඇතැයි ද පැවැසෙයි. මෙම ගමනට පැය 6 ක් පමණ ගතවෙයි.‍

ස්කොට්ලන්තයේ සිට දේහය එංගලන්තයට රැගෙන ඒම සිදුවන්නේ විශේෂ ගුවන් යානයකිනි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා උදෑසන 11 ට වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී පැවැත් වීමට නියමිත බවත්, එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස ද නම් කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මේ වනවිටත් බකිංහැම් මාලිගය ඉදිරිපිට සිය දහස් ගණනක් දෙනා රැස්ව සිටින්නේ මහ රැජිනට ගෞරව දැක්වීම සඳහාය.

19 වැනිදා පැවැත්වෙන අවමංගල්‍යයට රාජ්‍ය නායකයෝ රැසක් ඊට සහභාගීවීමට නියමිතය. එලිසබත් මහ රැජිනගේ අවමංගල දේව මෙහෙය වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වෙන අතර, තමන් ඊට සහභාගී වෙනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. දකුණු කොරියානු නායක යූන් සුක් යෝල් ද පවසා ඇත්තේ මහ රැජිනගේ අවමංගල්‍යයට තමන් සහභාගී වන බවය.

දෙවැනි එලිසබත් රැජිනගේ අභාවය සිදුවුණු අවස්ථාවේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහ රැජින වෙනුවෙන් සොව පළ කළේය. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස කිරුළු පැලැඳි අවස්ථාවේදී, ජනාධිපති පුටින්, චාල්ස් රජුට පමණක් නොව බ්‍රිතාන්‍ය රජ පවුලට සුබ පැතුවේය. මහ රැජිනගේ අවමංගල උත්සවයට ජනාධිපති පුටින් සහභාගී නොවනු ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, ඇගේ වැඩිමල් පුතු චාල්ස් කුමරු, තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් නම් කිරීම, ලන්ඩන් නුවර, ශාන්ත ජේම්ස් මාලිගයේදී සිදුවිය.

චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස නම් කිරීම සිදුවූයේ රාජ ප්‍රාප්තික කවුන්සිලය, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් (සාමිවරුන්), විනිසුරුවරුන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවේදී තෙවැනි චාල්ස් රජු දෙවැනි එලිසබත් මහ රැජිනගේ ගුණකථනයක් ද කළේය. එහිදී තෙවැනි චාල්ස් රජු ඇයට ස්තුති කිරීමට පවා අමතක නොකළේය. නව රජු ලෙස තමන් තම ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කරනවා යැයි තෙවැනි චාල්ස් රජු ප්‍රතිඥා දුන්නේය.

මෙම අවස්ථාවට, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්, ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් සහ ජෝන් මේජර් ද සහභාගී වූහ.

මහා බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් කිරුළ දරා සිටි තැනැත්තිය වන්නේ දෙවැනි එලිසබත් මහ රැජිනය. දෙවැනි එලිසබෙත් මහ රැජින පසුගිය බ්‍රහස්පතින්දා (8) ස්කොට්ලන්තයේ බැල්මොරාල් නිවාඩු නිකේතනයේ දී අභාවප්‍රාප්ත වූවාය. මියයනවිට ඇගේ වයස අවුරුදු  96 කි. එලිසබත් රැජින මියයන අවස්ථාවේ, රැජිනගේ දරු දැරියන් වන චාල්ස් කුමරු, ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වඩ් කුමරු ඇය අසල සිටියහ.

නව රජු ලෙස කිරුළු දැරීමට සිදුවන බැවින්, චාල්ස් කුමරු සහ බිරිඳ කැමලා පාකර් ආදිපාදවරිය ලන්ඩනය බලා පැමිණි අතර, ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වඩ් කුමරු බැල්මෙරාල් මන්දිරයේ රැඳී සිටිමින් රැජිනගේ දේහය ලන්ඩනයට රැගෙන ඒමේ වැඩ කටයුතුවල නියැලුණාහ.

(රොයිටර්)



අදහස් (0)

මහ රැජිනගේ දේහය ලන්ඩනය බලා ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site