තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ මෙම ප්‍රකාශය වාර්තා කළේ උතුරු කොරියාවේ නිල පුවත් සේවයයි. උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වීම ආපස්සට හැරැවිය නොහැකි යැයි ද නායක කිම් ජොන් උන් අවධාරණය කර තිබේ.
තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක සතුරන්ට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ද උතුරු කොරියානු නායකයා පවසා ඇත.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ ඔවුන්ගේ මෙම ‘හිතුක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. එසේ සම්බාධක පනවා පනවා තිබියදී 2006 සිට 2017 තෙක් කාලයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 6 ක් සිදු කළ බව පැවැසෙයි.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උතුරු කොරියාවෙන් ලෝකයට තර්ජනයක්