
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ බිරිඳ මිෂෙල් ඔබාමා යළි ධවල මන්දිරයට පැමිණියහ.
ඒ, ධවල මන්දිරයේ ජනාධිපතිවරුන් සහ ආර්යාවන්ගේ ඡායාරූප එකතුවට ඔවුන් දෙදෙනාගේ ද ඡායාරූප එක් කළ අවස්ථාවේදීය.
ධවල මන්දිරයට පැමිණි හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට සහ මිෂෙල් ඔබාමාට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ද වූයේ ජෝ බයිඩන්ය. ඔබාමාගෙන් පසු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ඔබාමා යුවළගේ ‘පෝටේ්‍රට්’ ඡායාරූප ධවල මන්දිරයට එක් කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් උනන්දුවක් දැක්වූයේ නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd