
ඉන්දියාව සහ චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගන්නා ආකාරයේ නව විදෙස් ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් රජය විසින් සකස් කළ මෙම නව ප්‍රතිපත්ති මාලාව ඇතුළත් වාර්තාව පිටු 31 කින් සමන්විත වන අතර, එය මානුෂීය ප්‍රතිපත්ති මාලාවක් ලෙස සැලකෙයි.
මෙම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සිදුවී ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භයේදී, එම යුද්ධය මුල්කොට ගනිමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ රුසියාව අතර අර්බුදයක් නිර්මාණය වෙද්දීය.
ඉන්දියාව මෙන්ම චීනය ද රුසියාවේ සැබෑ මිතුරන් බවත්, ඔවුන් එක් කර ගනිමින්, බටහිර කෙණෙහිලිකම් හමුවේ බිඳ වැටෙන ලෝක සාමය ආරක්ෂා කිරීමේ නව ගමනකට මුල පුරන බවත් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් එම නව ප්‍රතිපත්ති මාලාව විග්‍රහ කරමින් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd