
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, මෙම සතියේ පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හමුව පැවැත්වෙන්නේ ලබන 15 වැනිදා උස්බෙකිස්තානයේදීය. උස්බෙකිස්තානයේ පැවැත්වෙන සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද සහභාගී වෙති.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමත් සමඟ යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට මාස 6 කට වඩා ගතවී තිබේ. යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියන් ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය යැයි දැ පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහද හමුවීමකට අපෙන් සුබ පැතුම්.