IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


එලිසබත් රැජිනට ගෞරව දක්වන්න මහ සෙනඟක්

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ එඩින්බරෝ අගනුවර ප්‍රධාන දෙව් මැදුරේ තැන්පත් කෙරුණු අතර, දේහයට ගෞරව දැක්වීමට දහස් ගණනක් දෙනා දෙව් මැදුර වෙත පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය.

රැජිනගේ දේහය සහිත ඕක් ලීයෙන් තැනූ මිනී පෙට්ටිය තැන්පත් කර ඇත්තේ එඩින්බරෝ අගනුවර ශාන්ත ගිල්ස් දෙව්මැදුරේය. දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. ඒ වනවිට රැජින නැවැතී සිටියේ ඇයගේ බැල්මොරාල් මාලිගයේය.

දේහය බැල්මොරාල් මාලිගයේ සිට පැය 6 ක ගමනකින් පසු එඩින්බරෝ අගනුවර බලා රැගෙන ආවේ විශේෂ රිය පෙරහරකිනි. රැජිනට ගෞරව දැක්වීමට මඟ දෙපස බොහෝ දෙනෙක් රැස්වී සිටියහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 19 වැනිදා එංගලන්තයේ ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී පැවැත්වෙනු ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට පෙර සිවු දිනක් මහජන ගෞරවය සඳහා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇති බව ද පැවැසෙයි. ස්කොට්ලන්තයේ සිට දේහය එංගලන්තය බලා රැගෙන ඒම සිදුවන්නේ විශේෂ ගුවන් යානයකිනි.

මේ අතර, එලිසබත් මහ රැජිනගේ අභාවය හේතුව ‘කොවිඩ් 19’ වයිරසයේ බලපෑම යැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම වාර්තාව පෙන්වා දෙන ආකාරයට, 96 හැවිරිදි මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූයේ මෙම වසරේ පෙබරවාරියේය. ඒ වනවිට ඇය පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගෙන සිටියාය.

‘කොවිඩ් 19’ වයිරසයෙන් මිදීමට මහ රැජිනට හැකිවුවත්, වයිරසය ඒ වනවිටත් ඇගේ සිරුර තව තවත් දුර්වල කර තිබුණු බව වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

පසුගිය 8 වැනිදා රැජින අභාවප්‍රාප්ත වූයේ මොළයේ ලේ කැටියක් සිරවීමෙන් බවත්, එය ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ අතුරු ප්‍රතිඵලයක් බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

එලිසබත් රැජිනට ගෞරව දක්වන්න මහ සෙනඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site