IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලිස් ට්‍රස් එලිසබත් මහ රැජින හමුවෙයි

පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයට පත් වී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවුණු ලිස් ට්‍රස්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවූවාය.

හමුව පැවැත්වූයේ ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටි බල්මොරාල් මන්දිරයේය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එලිසබත් මහ රැජින නැවැතී සිටින්නේ මෙම මන්දිරයේය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා එලිසබත් මහ රැජින හමුවීම එරට සම්ප්‍රදායයි. එහිදී සිදුවන්නේ තමන් නව රජයක් පිහිටුවන බව නව අග්‍රාමාත්‍යවරයා මහ රැජිනට දැනුම් දීම සහ ධුරයෙන් ඉවත් වන අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම මහ රැජිනට බාර දීමය. ඒ අනුව, ධුරයෙන් ඉවත් වන බොරිස් ජොන්සන් ද මහ රැජින හමුවී ඉල්ලා අස්වීම බාර දුන්නේය.

96 හැවිරිදි එලිසබත් මහ රැජින, බි්‍රතාන්‍ය රජ කිරුළ දරා සිටින්නේ වසර 70 ක් තිස්සේය. එදා මෙදා බි්‍රතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු 15 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ ලිස් ට්‍රස් ය.

තේරේසා මේ, මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව වන්නේ ලිස් ට්‍රස් ය.47 හැවිරිදි ලිස් ට්‍රස් පාලක කොන්සවර්ටිව් පක්ෂ නායිකාව වීමට පෙර බි්‍රතාන්‍යයේ විදේශ ලේකම් (ඇමැති) ධුරය හෙබවූවාය.

(රොයිටර්)



අදහස් (0)

ලිස් ට්‍රස් එලිසබත් මහ රැජින හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site