
ලොව ඕනෑම තැනකට විදිය හැකි ආකාරයේ, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඇමෙරිකන් හමුදාව සමත් විය.
අති නවීන තාක්ෂණයෙන් නිපදවූ මෙම මිසයිලය මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම මිසයිලය අත්හදා බැලීමට ඇමෙරිකන් හමුදාව උත්සාහ කළත් එය අසාර්ථක විය.
කැලිෆෝනියාවේ ‘වෙන්ඩෙන්බර්ග්’ ගුවන් හමුදා කඳවුරේ සිට මිසයිලය අත්හදා බැලූ බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා තිබේ. මෙම මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකිය.
ඇමෙරිකානු හමුදාව මෙම මිසයිල අත්හදා බැලීම කළේ රුසියාවට ද ඒ බව කල් තියා දැනුම් දෙමිනි. මත ගැටුම් සහ අර්බුද පැවැතියත්, මිසයිල අත්හදා බැලීම්වලදී ඇමෙරිකන් හමුදාව සහ රුසියන් හමුදාව එකිනෙකා සමඟ අවබෝධයෙන් කටයුතු කරයි.
ඇමෙරිකාව මෙම නව බැලැස්ටික් මිසයිලය අත්හදා බැලුවේ රුසියාවට තර්ජනයක් වන ආකාරයට නොව චිනයට තර්ජනයක් වන ආකාරයට යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනය සහ ඇමෙරිකාව අතර මේ වනවිට අර්බුදයක් පවතී. ඒ, තායිවානය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව තායිවානයට සමීප වීම චීනයේ උදහසට හේතුවක් වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd