
ලොව ඕනෑම තැනකට විදිය හැකි ආකාරයේ, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඇමෙරිකන් හමුදාව සමත් විය.
අති නවීන තාක්ෂණයෙන් නිපදවූ මෙම මිසයිලය මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම මිසයිලය අත්හදා බැලීමට ඇමෙරිකන් හමුදාව උත්සාහ කළත් එය අසාර්ථක විය.
කැලිෆෝනියාවේ ‘වෙන්ඩෙන්බර්ග්’ ගුවන් හමුදා කඳවුරේ සිට මිසයිලය අත්හදා බැලූ බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා තිබේ. මෙම මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකිය.
ඇමෙරිකානු හමුදාව මෙම මිසයිල අත්හදා බැලීම කළේ රුසියාවට ද ඒ බව කල් තියා දැනුම් දෙමිනි. මත ගැටුම් සහ අර්බුද පැවැතියත්, මිසයිල අත්හදා බැලීම්වලදී ඇමෙරිකන් හමුදාව සහ රුසියන් හමුදාව එකිනෙකා සමඟ අවබෝධයෙන් කටයුතු කරයි.
ඇමෙරිකාව මෙම නව බැලැස්ටික් මිසයිලය අත්හදා බැලුවේ රුසියාවට තර්ජනයක් වන ආකාරයට නොව චිනයට තර්ජනයක් වන ආකාරයට යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනය සහ ඇමෙරිකාව අතර මේ වනවිට අර්බුදයක් පවතී. ඒ, තායිවානය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව තායිවානයට සමීප වීම චීනයේ උදහසට හේතුවක් වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕනෑම තැනකට විදිය හැකි මිසයිලයක්