IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කැබිනට් මණ්ඩලය තෝරයි

නව අගමැතිනී ලිස් ට්‍රස්
කැබිනට් මණ්ඩලය තෝරයි
ප්‍රධාන අමාත්‍යාංශ කළු ජාතිකයන්ට


බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවර්ටිව් පක්ෂ නායිකාව ලෙස පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දය ජය ගනිමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලිස් ට්‍රස්, ඇගේ නව කැබිනට් මණ්ඩලය තේරීම ආරම්භ කර ඇති බවත්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන අමාත්‍යාංශ තුනක අමාත්‍ය ධුර සඳහා බ්‍රිතාන්‍ය කළු ජාතිකයන් පත් කිරීමට නියමිත බව පැවැසෙයි.

ඒ අනුව, සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය (ස්වදේශ කටයුතු ලේකම්) ලෙසත් ජේම්ස් ක්ලෙවර්ලි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් (විදේශ කටයුතු ලේකම්) ක්වාසි ක්වාර්ටෙන්ග් මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ලෙසත් දිවුරුම් දෙනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසා තිබේ.

කොන්සර්වටිව් නායකත්ව සටනේ දී ලිස් ට්‍රස් ගේ ප්‍රතිවාදියා වූ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) 42 හැවිරිදි රිෂී සුනාක්, නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බවත්, පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු කිරීමට සූදානම් බවත් මාධ්‍ය හමුවේ බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

සෑම අවස්ථාවකම නායකත්ව සටනෙන් පරාජය ලබන අපේක්ෂකයා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් දැරීම බ්‍රිතාන්‍ය දේශපාලනයේ සම්ප්‍රදායයි. කෙසේ නමුත් මෙම අවස්ථාවේ එම සම්ප්‍රදාය වෙනස් වී ඇතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

ලිස් ට්‍රස් කොන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත් වීමත් සමඟ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ ප්‍රීති පටෙල් සහ සංස්කෘතික අමාත්‍ය නැඩීන් ඩොරිස් ඔවුන්ගේ අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වී පසුපෙළ අසුන් ගැනීමට කැමැත්ත පළ කළහ. ඉන්දීය සම්භවයක් ඇති ප්‍රීති පටෙල්ගේත්, නැඩීන් ඩොරිස්ගේත් සහාය හිමිවූයේ රිෂී සුනාක්ටය.

ඊට අමතරව, කැබිනට් අමාත්‍ය නයිජල් ඇඩම්ස් සහ කොන්සර්වටිව් පක්ෂයේ සම සභාපති බෙන් එලියට් ද ඔවුන්ගේ එම ධුර වලින් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ලිස් ට්‍රස් යනු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාවය. ලිස් ට්‍රස්, උපත ලැබුවේ 1975 ජූලි 26 වැනිදාය. ඇය 2021 වසරේ සිට විදේශ ලේකම් (අමාත්‍ය) වරිය ලෙස කටයුතු කළාය.

ඊට පෙර, 2019 සිට 2021 තෙක්, කොන්වසර්ටිව් පක්ෂ රජයේ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වූයේ ලිස් ට්‍රස්ය. ඇය පාර්ලිමේන්තුවට පිවිසියේ නෝෆෝක් ආසනය ජය ගනිමිනි. ලිස් ට්‍රස්, බ්‍රිතාන්‍ය අගමැතිවරුන් වන ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ සහ බොරිස් ජොන්සන් යටතේ කැබිනට් ධුර රැසක් හෙබවූවාය.

ලිස් ට්‍රස් අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඩ් මෝටර්න් විද්‍යාලයෙනි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ලිබරල් ඩිමොක්‍රටික් සභාපතිනිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ඒ, 1996 වසරේදීය. උපාධි ලබා පාසලෙන් නික්ම ගිය ඇය ‘කොන්සවර්ටිව්’ පක්ෂය සමඟ එක් වූවාය.

ඇය නෝෆෝක් ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේ 2010 මහ මැතිවරණයෙනි. ළමා සුබසාධනය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කීපයක රජයේ ප්‍රතිපත්ති රැසක් ප්‍රතිසංස්කරණය සඳහා නිහඬ දායකත්වයක් දැක්වූ තැනැත්තියක ලෙස ට්‍රස් සැලකිය හැකිය.

(රොයිටර්)



අදහස් (1)

කැබිනට් මණ්ඩලය තෝරයි

ganegoda Tuesday, 06 September 2022 06:14 PM

ජනතාවගෙන් යැපෙනවා හැරෙන්න අද එංගලන්තයේත් කරන දෙයක් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site