දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය හේතුව ‘කොවිඩ් 19’ වයිරසයේ බලපෑම යැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය පවසයි.

96 හැවිරිදි මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූයේ මෙම වසරේ පෙබරවාරියේය. ඒ වනවිට ඇය පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගෙන සිටියාය.

‘කොවිඩ් 19’ වයිරසයෙන් මිදීමට මහ රැජිනට හැකිවුවත්, වයිරසය ඒ වනවිටත් ඇගේ සිරුර තව තවත් දුර්වල කර තිබුණු බව වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

පසුගිය 8 වැනිදා රැජින අභාවප්‍රාප්ත වූයේ මොළයේ ලේ කැටියක් සිරවීමෙන් බවත්, එය ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ අතුරු ප්‍රතිඵලයක් බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(ඩේලිමේල්)