
චීනයේ උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස චීන රජයේ අපයෝජනයන්ට ලක්වෙනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ද එළිදැක්වීමට නියමිතය. චීන රජය එරට උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස මර්දනය කරමින්, වධකාගාර කඳවුරුවලදී ඔවුන් නොයෙකුත් වධ බන්ධනයන්ට පත් කරනවා යැයි ඇමෙරිකාව ද චෝදනා කරයි.
ඇමෙරිකාව නගන එම චෝදනා සැලකිල්ලට ගනිමින්, චීනයේ මානවහිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේගේ මූලිකත්වයෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් චීනය කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, චීනය පවසා ඇත්තේ එල්ල වන එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd