
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මොළයට සිදුවන හානිය ඉස්මතු වන්නේ, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සුවය ලබා වසරක් හෝ වසර දෙකක් ගතවීමෙන් පසුව යැයි ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් මේ බව අනාවරණය කර ගෙන ඇත්තේ යුරෝපා රටවල් රැසක ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන් මිලියන 1.25 ක් සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයකින් පසුවය.
මොළයට එල්ල වන හානිය හේතුවෙන් සිහිමදගතිය, සිහි විකල්වීම ආදිය ‘කොවිඩ් 19’ සුවවුණු රෝගීන්ගෙන් දකින්න ලැබෙන බව වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කරන සිහිවිකල් වැඩ දැක්කාම. මට සැකයක් හිතෙනවා කොවිඩ් වෛරසයේ උපත සිද්ද වුණේ දියවන්නාවේදී දෝ කියලා..