තමන් සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළේ රුෂ්ඩි ඉස්ලාම් දහමට කළ අපහාසය කළ නිසා යැයි ප්‍රහාරය එල්ල කළ 24 හැවිරිදි ඇමෙරිකන් ජාතික හාදී මටාර් පවසයි.

හාදී මටාර් මෙසේ කියා සිටියේ ‘නිව්යෝක් පෝස්ට්’ ටැබ්ලට් පුවත්පත සමඟය. තමන් පිහි ප්‍රහාරය එල්ල කළේ රුෂ්ඩි මරා දැමීමේ අරමුණින් යැයි මටාර් පවසා තිබේ. තම ප්‍රහාරයෙන් රුෂ්ඩි දිවි ගලවා ගැනීම පුදුමයක් බව ද තරුණයා පවසා ඇත.

හාදී මටාර් ඇමෙරිකාවේ උපත ලැබූ මුස්ලිම් තරුණයෙකි. මොහුගේ මාපියන් ලෙබනනයේ සිට ඇමෙරිකාවේ පදිංචියට ආ සංක්‍රමණික යුවළක් බව පැවැසෙයි.

සල්මාන් රුෂ්ඩි ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් රචනා කළ ‘සැටර්නික් වර්සස්’ නවකතාව තමන්ට කියවන්න ලැබුණු බව ද මටාර් වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)