IMG-LOGO

’වඳුරු උණ’ හඳුන්වන්න අලුත් නමක් ඕනෑ

‘මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය හැඳින්වීමට අලුත් නමක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ‘වඳුරු උණ’ වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට ඇරැයුම් කර තිබේ.

මෙම වයිරසය, වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තිය සිදුවන වයිරසයක් බැවින් මෙය ‘වඳුරු උණ’ ලෙස හැඳින්වෙයි.

පළමුවෙන් ‘වඳුරු උණ’ වයිරසය සොයා ගැණුනේ 1970 දී අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයෙනි. ‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවය. මෙම කලාපයේ රටවල ‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුලව සිදුවෙයි.

කෙසේ නමුත්, මේ වනතුරු ‘වඳුරු උණ’ අප්‍රිකාවෙන් පිට බටහිර රටවලින් වාර්තා වූයේ ඉතාමත් කලාතුරකිනි. අදවනවිට ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වයිරස වසංගත තත්ත්වයක් වාර්තා වීමට පටන්ගෙන ඇත.

රටවල් 70 කට වැඩි ගණනකට ‘වඳුරු උණ’ වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, වාර්තා වී ඇති රෝගීන් ගණන 31,000 ට වැඩිය. මරණ 12 ක් වාර්තා වෙයි. අප්‍රිකාවෙන් පිට වෙනත් රටවලින් මෙසේ ‘වඳුරු උණ’ වාර්තා වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මවිතය පළ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයකට පත් කර ඇත. වැඩියෙන්ම ‘වඳුරු උණ’ ව්‍යාප්තියක් සිදුවන්නේ යුරෝපා බටහිර රටවලිනි.

ඇමෙරිකාවේ ද ප්‍රාන්ත මට්ටමින් ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් හදිසි තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබේ.

වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පවසති.

‘වඳුරු උණ’ යනු වසූරිය සහ පැපොල අතර මැදි තත්ත්වයකි. සමේ බිබිලි හට ගැනීම, උණ, මස්පිඩු වේදනාව, හිසරදය ආදිය වඳුරු උණ රෝග ලක්ෂණය.

‘වඳුරු උණ’ ආසාදනය වැළැක්වීමට මේ වනවිටත් රටවල් බොහොමයක් එන්නත්කරණ වැඩසටහන් ආරම්භ වී ඇත. එන්නත් ලෙස ලබා දෙන්නේ වසූරිය හෝ පැපොල ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්ය. මෙම එන්නත් මේ වනවිට යවත්කාලීන කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

’වඳුරු උණ’ හඳුන්වන්න අලුත් නමක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 465 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site