
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, අග්‍රාමාත්‍යවරයා නිල නිවසේ නිරෝධායනයට ලක් වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය සතියක කාලයේ අග්‍රාමාත්‍යවරයා නිවාඩුවකට ගොස් සිටියේය. ඔහු යළි රාජකාරි ආරම්භ කිරීමට නියමිතව සිටියේ අද (22) සිටය.
කෙසේ නමුත්, නිවාඩු ගොස් පැමිණෙද්දී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින්, අග්‍රාමාත්‍ය කිෂිඩා ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී ඔහු ආසාදිතයකු බව තහවුරු විය.
මේ වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප විකෘතිය හේතුවෙන් ජපානයේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd