
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය උත්සාහ ගනිමින් සිටිනවා යැයි ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය චෝදනා කරයි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය, පක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන්ට පවසා ඇත්තේ, වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය, ඉම්රාන් ඛාන් සිරකර ඔහු නිහඬ කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, ඊට එරෙහි වන ලෙසත්ය.
ඉස්ලාමාබාද් හි පැවති ජන රැළියක් අතරතුර පාකිස්තාන විනිසුරුවරියක් වන සෙබා චවුද්‍රිට සහ ඉස්ලාමාබාද් පොලිසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළේ යැයි චෝදනා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට සැරැසෙන්නේ ත්‍රස්ත විරෝධී පනත යටතේ මහේස්ත්‍රාත් අලී ජාවෙඩ් ගොනු කළ පැමිණිල්ලකට අනුව යැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවත්වන කතා සජීවීව මාධ්‍ය හරහා විකාශය කිරීම සහ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ යූ ටියුබ් වීඩියෝ තහනම් කිරීමට ද පාකිස්තාන රජය මේ වනවිට පියවර ගෙන ඇත.
ඉම්රාන් ඛාන්ගේ දේශනවල රාජ්‍ය ආයතන කෙරෙහි වෛරී ප්‍රකාශ ඇතුළත් වීම හේතුවෙන් මෙසේ සජීවී දේශන විකාශය කිරීම අත් හිටුවීමට පියවර ගත් බව පාකිස්තාන මාධ්‍ය නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ලංකාවේ අපි නන්දසේනව ගෙනැල්ලා ආපහු තනතුරු දෙන්නයි යන්නේ...!
තමන්ගේ රටට ජාත්‍යන්තර මට්ටමෙන් ඉතාමත් උසස් කීර්තියක් ලබාදුන් ඒ කීර්තියෙන්ම ජනාධිපති භාවය ලබාගත්ත ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත් නොවිය යුතුයි.