
ඇල්ජීරියාවේ එල් ටාර්ෆ් පළාතේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් 38 දෙනෙකු මියගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලැව් ගින්න නිවා දැමීමට ඊයේ (18) ඇල්ජීරියානු ගිනි නිවන භටයින් මහත් වෙහෙසක් දරමින් සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගින්න හේතුවෙන් තුවාල ලැබූ 200 දෙනාට පිළිස්සුම් තුවාල හෝ දුම හේතුවෙන් ස්වසන අබාධ ඇති වී ඇතැයි ඇල්ජීරියානු මාධ්‍ය පැවසුවේය.
ලැව් ගින්න හේතුවෙන් කැලෑව අසල තිබූ රෝහලකින් කාන්තාවන් 100 දෙනෙකු සහ ළදරුවන් 17 දෙනෙකු ආරක්‍ෂිත නවාතැනකට ඉවත් කෙරූ බව ඇල්ජීරියානු මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd