IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක්

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සය මසක් ගත වූවත් තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් පළුදු වූ සබඳතා අලුත්වැඩියා කර ගනිමින් එකමුතු වූ නේටෝ සංවිධානය රුසියාවේ බලශක්ති නිෂ්පාදන වර්ජනය කිරීමටත් යුක්රේනයට මූල්‍ය සහාය ලබා දීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ සමීපතමයන්ට සම්බාධක පැනවීමටත් එකඟ වූ බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ආහාර මිල ඉහළ යාම,තම නිවෙස් උණුසුම්ව තබා ගැනීමට අවශ්‍ය බලශක්තිය සීමා වීම සහ ආර්ථික අවපාතයක් ඇති වීමට ඉඩ තිබීම හේතුවෙන් යුරෝපයට අඳුරු ශීත සෘතුවක් එළඹෙන බැවින් මෙම එකමුතුකම දිගටම පවත්වා ගැනීමට යුරෝපා නායකයින්ට හැකි වේ දැයි ප්‍රශ්නයක් මතු වී තිබෙන බව සී.එන්.එන් පුවත් සේවය පැහැදිලි කළේය.

යුරෝපය රුසියානු බොර තෙල් මත යැපීමට පුරුදු වී සිටි බවත් 2021 වසරේ යුරෝපය දිනකට රුසියානු බොරතෙල් බැරල් මිලියන 2.2 ආනයනය කළ බවත් සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.අවසානයක් නොපෙනෙන යුද්ධයකට අවි ආයුධ ලබා දීම යනු දීර්ඝ කාලීන ප්‍රශ්නයකට ලබා දෙන කෙටි කාලීන විසඳුමක් බව විශ්ලේෂකයෝ පවසති.

(රොයිටර්)

 



අදහස් (2)

රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක්

ganegoda Monday, 22 August 2022 03:23 PM

නේටෝ, තියන තාක්කල් මේ යුද්ධය ඉවර වෙන්නෙත් නෑ...!!! 

:       1       2

ජොරාMonday, 22 August 2022 09:07 PM

නේටෝ නෙමෙයි යුක්‍රේන සෙලෙන්ස්කි කවටයාගේ පුහු උද්දච්ච කම තියෙනකම් යුද්දෙ ඉවර වෙන්නෙ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site