IMG-LOGO

ත්‍රස්තයෝ සෝමාලි හෝටලයකට කඩා වදිති

අල් කයිඩා හිතවාදී අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, විදේශිකයන් අතරේ පවා ප්‍රකට ‘හයාත්’ හෝටලයට කඩා වැදී එහි සිටි සේවක සේවිකාවන් සහ රැඳී සිටි අමුත්තන් ප්‍රාණ ඇපයට ගත්හ.

සෝමාලි ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, හෝටලය වට කොට ත්‍රස්තන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න විය. පැය 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් සිවිල් වැසියන් 13 දෙනකු මියගිය බව පැවැසෙයි.

ප්‍රහාර අවසන් වූයේ සෝමාලියානු ආරක්ෂක අංශ අතින් අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා දැමීමෙන් පසුව යැයි සෝමාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දරුණු ගැටුම්වලින් පසු තුවාල ලැබූ ගණන 40 කි. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටින බව පැවැසෙයි.

ගිනි අවිවලින් සහ පුපුරන ද්‍රව්‍යවලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදින් හෝටලයට කඩා වැදුණේ පසුගිය සිකුරාදා (19) ය. ඊයේ (20) දිනය පුරා සෝමාලි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරින් හෝටලය වටලා ත්‍රස්තයන් සමඟ ගැටුම් පැවැතිණි. ආරක්ෂක අංශ බලය තහවුරු කර ගනිද්දී අල් ෂෙබාබ් ත්‍රස්තයෝ බෝම්බ පුපුරුවා ගත් බව ද පැවැසෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාව ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද දුර්වල වූ රාජ්‍යයකි. අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සහ සෝමාලියා රජය අතර ගැටුම් පවතින්නේ වසර 15 ක් තිස්සේය. සෝමාලියාවේ ජනාධිපති ලෙස හසාන් මොහමද් රාජකාරි ආරම්භ කිරීමෙන් පසු, අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සිදු කළ දරුණුතම ප්‍රහාරය මෙය බව පැවැසෙයි.

‘හයාත්’ හෝටලය සෝමාලියානු රජයේ ඉහළ නිලධාරීන් නිතර ගැවසෙන ස්ථානයකි. අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් හෝටලයට කඩා වැදී පහර දී එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් බව පැවැසෙන්නේ එහෙයිනි. ත්‍රස්තයන් කඩා වැදී පහර දේදදී, හෝටලයේ විදේශිකයන් සිටියේදැයි මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

(රොයිටර්)



අදහස් (0)

ත්‍රස්තයෝ සෝමාලි හෝටලයකට කඩා වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site