ඉන්දුනීසියාවෙන් ද පළමු වරට ‘වඳුරු උණ’ ආසාදිතයකු වාර්තා වෙයි. ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට, මෙම ආසාදිතයා විදේශගතව සිට ඉන්දුනීසියාවට පැමිණි 27 හැවිරිදි තරුණයෙකි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ‘වඳුරු උණ’ (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 96 කින් ආසාදිතයන් වාර්තා වී තිබේ.
ආසියානු රටවල් අතරින් සිංගප්පූරුවෙන්, තායිලන්තයෙන් සහ පිලිපීනයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සමීප සම්බන්ධතාවලිනි. ‘වඳුරු උණ’ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවන බව තහවුරු වී තිබේ.
ඇමෙරිකා රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් බෙදාගැනීම සහ මුහුණට මුහුණ ලා දිගුකාලීන සම්බන්ධතා පැවැත්වීම හරහා වයිරසය ව්‍යාප්තිය සිදුවන බවය. ආසාදිතයන් වී ඇති බොහෝදෙනා පිරිමි සමලිංගිකයන්ය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඉන්දුනීසියාවෙන් පළමු වරට ’වඳුරු උණ’ ආසාදිතයෙක්