
චීනයේ සියැමන් නගරයේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ මුහුදු යන එන ධීවරයන් පමණක් නොව, ඔවුන් රැගෙන එන මසුන් පවා ‘කොවිඩ් 19’ ආසාදිතයන්දැයි හඳුනා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ.
සියැමන් යනු චීනයේ වෙරළාශිත නගරයකි. මෙම නගරයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40 දෙනකු වාර්තා වීමත් සමඟ නගරයේ මිලියන 5 ක වැසියන් සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
සෞඛ්‍ය බලධාරීන් මාළුන්ට පමණක් නොව, ධීවරයන් අල්ලා ගොඩට රැගෙන එන දැල්ලන් සහ කකුළුවන් ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd