
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස උපදෙස් ලබා දෙන්නේ ද ඇලෙක්සැන්ඩර් ඩූගින් ය. ඩර්යා ඩූගින් මියගියේ ඇගේ මෝටර් රථයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.
බෝම්බය අටවන්න ඇත්තේ ඩර්යා ඩූගින්ට ද නැතිනම් ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර ගනිමින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
She was a gorgeous and well educated journalist and a scholar. rest in peace, Darya