
මෙම වසර අවසානයේ බාලි හි පැවැත්වීමට නියමිත ජී20 රාජ්‍ය නායක සමුළුවට, චීන ජනාධිපති ෂි ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වීමේ අපේක්ෂාවෙන් සිටින බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
චීන සහ රුසියානු නායකයින් බාලි හි නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජී20 සමුළුවට සහභාගී වන බව තහවුරු කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියානු, චීන, ඇමෙරිකන් සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයින් මුහුණට මුහුණ හමුවුන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
රුසියාව සහ චීනය අතර සීමාවන් රහිත හවුල්කාරිත්වයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අතර එහිදී රුසියාවට සම්බාධක පැනවීම පිළිබඳ ජී20 සාමාජිකයන් අතර භේදයක් හට ගත්තේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd