මෙම වසර අවසානයේ බාලි හි පැවැත්වීමට නියමිත ජී20 රාජ්‍ය නායක සමුළුවට, චීන ජනාධිපති ෂි ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වීමේ අපේක්ෂාවෙන් සිටින බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
චීන සහ රුසියානු නායකයින් බාලි හි නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජී20 සමුළුවට සහභාගී වන බව තහවුරු කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියානු, චීන, ඇමෙරිකන් සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයින් මුහුණට මුහුණ හමුවුන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
රුසියාව සහ චීනය අතර සීමාවන් රහිත හවුල්කාරිත්වයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අතර එහිදී රුසියාවට සම්බාධක පැනවීම පිළිබඳ ජී20 සාමාජිකයන් අතර භේදයක් හට ගත්තේය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බාලි ‘ජී 20’ සමුළුවට පුටින් එනවා