
රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ක්‍රියාකාරී එකම කාන්තා ගගනගාමියා වන ඇනා කිකිනා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට සූදානම් වෙයි.
ඇනා කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යනු ඇත්තේ ලබන ඔක්තෝබර් 3 වැනිදාය.
ඉන්ජිනේරුවරියක වන 37 හැවිරිදි කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යනු ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය හා සම්බන්ධ ස්පේස් එක්ස් සමාගමේ රොකට්ටුවකින් සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයෙනි.
රුසියානු අභ්‍යවකාශ ආයතනය වන ‘රොස්කොස්මොස්’ නියෝජනය කරමින් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන පස්වැනි රුසියානු කාන්තා ගගනගගාමියා වන්නේ ද කිකිනා ය.
මත ගැටුම් පැවැතියත් අභ්‍යවකාශ කටයුතුවලදී රුසියානු රජයේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය සහ ඇමෙරිකන් රජයේ ‘නාසා’ ආයතනය අතරේ යහපත් සබඳතා පවතී.
මේ වනවිට දිනෙන් දින ඔඩුදුවමින් පවතින යුක්රේන අර්බුදය හේතුවෙන් ඇමෙරිකාවත් රුසියාවත් අතර විරසකයක් පැවැතියත්, ‘රොස්කොස්මොස්’ ආයතනය සහ ‘නාසා’ ආයතනය සහයෝගයෙන් ඔවුන්ගේ කටයුතු සිදු කර ගන්නා බව පෙනෙයි.
කිකිනා, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගමන් කරනු ඇත්තේ ඇමෙරිකන් ගගනගාමීන් ද සමඟය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ එකම ගගනගාමිනිය උඩ යන්න සූදානම්