
සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් මුල්කොට ගනිමින් අර්බුදයකට මුහුණ දී සිටින ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන්ට බටහිර රටවල කාන්තාවන්ගේ සහාය පළ වී ඇත.
එම වීඩියෝවේ දැක්වෙන්නේ 36 හැවිරිදි අගමැතිනිය, මදුවිත තොල ගා ඇගේ යෙහෙළියන් සමඟ නටමින් විනෝද වන ආකාරයයි. එය අග්‍රාමාත්‍යවරියකට නුසුදුසු බවටත්, අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය භාවිත කරනවාදැයි දැකයක් පවතින බවටත් ෆින්ලන්ත විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්න විය.
තමන් මධුවිත පානය කළ නමුත්, මත්ද්‍රව්‍ය භාවිතයට නොගත් බව අග්‍රාමාත්‍යවරිය තරයේ පවසා ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිත කළා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට කැමැත්තෙන්ම සහභාගී වූවාය. එහි ප්‍රතිඵල අනුව තහවුරු වූයේ අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවය.
බටහිර රටවල කාන්තාවන්, අග්‍රාමාත්‍යවරියට සහාය පළ කර ඇත්තේ ඔවුන් සාදවලට සහභාගී වී, අග්‍රාමාත්‍යවරිය මෙන් නටමින් ගී ගයමින් හැසිරෙන වීඩියෝ සමාජ මාධ්‍යවලට එක් කරමින්ය. ‘අප සන්නා සමඟයි. අප ඇය තනි කරන්නේ නැහැ’ කියමින් බටහිර කාන්තාවන් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්ත අගමැතිනියට බටහිර කාන්තාවන්ගේ සහාය
lal Wednesday, 24 August 2022 08:45 AM
අපි ඔබත් සමගයි. විනෝද වෙන්න.
ganegoda Wednesday, 24 August 2022 11:48 AM
ෆින්ලන්තය මුස්ලිම් රටක්ද? නැත්තම් මේ අය මුස්ලිම් වෙන්නද හදන්නේ...?