
යුක්රේනයේ නැගෙනහිර දෙසින් පිහිටි චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට රුසියන් රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළු විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියන් හමුදා ප්‍රහාරයකින් එක් දිනකදී යුක්රේන සිවිල් වැසියන් විසි දෙදෙනකු මියගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. රොකට් ප්‍රහාරයෙන් තුවාල ලැබූ යුක්රේන වැසියන් ගණන 50 කට වැඩිය.
යුක්රේන ජනාපධිති සෙලෙන්ස්කී මේ බව පැවැසුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේය. යුක්රේන ජනාධිපතිවරයා කවුන්සිලයට එක් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
මේ සම්බන්ධයෙන් රුසියාව කිසිදු ප්‍රකාශයක් කර නොමැත. රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන දුම්රිය ස්ථානයකට රුසියාවෙන් රොකට් ප්‍රහාරයක්