
යුක්රේනයේ නැගෙනහිර දෙසින් පිහිටි චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට රුසියන් රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළු විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියන් හමුදා ප්‍රහාරයකින් එක් දිනකදී යුක්රේන සිවිල් වැසියන් විසි දෙදෙනකු මියගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. රොකට් ප්‍රහාරයෙන් තුවාල ලැබූ යුක්රේන වැසියන් ගණන 50 කට වැඩිය.
යුක්රේන ජනාපධිති සෙලෙන්ස්කී මේ බව පැවැසුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේය. යුක්රේන ජනාධිපතිවරයා කවුන්සිලයට එක් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
මේ සම්බන්ධයෙන් රුසියාව කිසිදු ප්‍රකාශයක් කර නොමැත. රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd