
වාර්ෂික අදායම ඇමෙරිකන් ඩොලර් 125000 ට අඩු ශිෂ්‍යයන් ඉගෙනීම සඳහා ලබා ගෙන ඇති ශිෂ්‍ය ණය කපා හැරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව ශිෂ්‍යයන් ලබා ගෙන ඇති ණයෙන් ඇමෙරිකන් ඩොලර් 10000 ක් දක්වා කපා හැරෙනු ඇත. 2020 වසරේ ජනාධිපතිවරණ වේදිකාවේ ජෝ බයිඩන් දුන් පොරොන්දුවක් ඉෂ්ට කරමින් මෙසේ ශිෂ්‍ය ණය කපා හැර ඇතැයි පැවැසෙයි.
එසේ වුවත් ශිෂ්‍ය ණය කපා හැරීමේ මුල් සැලැස්ම තරමක් වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.මුල් සැලස්මේදී වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් 150000 ට අඩු ශිෂ්‍යයන් ඉගෙනීම සඳහා ලබාගෙන ඇති ණයෙන් ඇමෙරිකන් ඩොලර් 50000 ක් කපා හැරීමට තීරණය කර තිබුණි.
ශිෂ්‍ය ණය කපා හැරීම වැදගත් තීරණයක් වුවත් ශිෂ්‍ය ණයෙන් ඩොලර් 10000 ක් කපා හැරීමෙන් ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1.7 ක් ඇති ඇමෙරිකාවේ ශිෂ්‍ය ණයට කිසිඳු බලපෑමක් එල්ල නොවන බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
ඇමෙරිකන් ඩොලර් 10000 ක් විශාල මුදලක් නොවූ වත් ඉන් ඇමෙරිකානුවන් මිලියන 15 ශිෂ්‍ය ණය කපා හැරෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුඩෙ ගහගෙන ඉන්න වෙලාවේ වැරදීමකින් දියලණුව කපාගත්තා වගේ වැඩක්...