
බ්‍රිතාන්‍යයේ නව අගමැති පත් කිරීම, සාම්ප්‍රදායික අයුරින්, දෙවැනි එලිසබත් මහ රැජින අතින් සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නව අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය පත් කිරීමේ එම විශේෂ උත්සවය පැවැත්වෙනු ඇත්තේ ස්කොට්ලන්තයේ බල්මොරාල් මාලිගයේදී බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
96 හැවිරිදි මහ රැජින, අයපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වනවිට රැඳී සිටින්නේ මෙම බල්මොරාල් මාලිගයේය. මහ රැජින ගිම්හාන නිවාඩුවට යන්නේ මෙම මාලිගයටය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. පාලක පක්ෂ නායකයා වීමට අපේක්ෂකයන් දෙදෙනකු අතරේ සටන පැවැත්වෙයි. එම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් විදේශ අමාත්‍ය ලිස් ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd