IMG-LOGO

රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 යි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත.

යුක්රේනය, ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීම රුසියාවේ විරෝධයට හේතුවක් විය. රුසියාව පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.

එදා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කීවේ, යුක්රේනයට එරෙහිව විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බවය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් යුද සන්ධානයයි.

මේ වනවිට යුද ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 9,000 ක් මියගොස් ඇතැයි යුක්රේන හමුදාපති වැලේරී සලුසූනී නිකුත් කළ නිවේදනයක දැක්විණි. පසුගිය අප්‍රේල් මාසයේ දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ යුද ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 3,000 ක් මියගිය බවත්, 10,000 ක් තුවාල ලබා සිටින බවත් ය.

කෙසේ නමුත්, යුක්රේන හමුදාව මෙන්ම ජනාධිපතිවරයා ද එරට හමුදාවට සිදුවන සැබෑ හානිය ලොවට හෙළි කර නැතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

යුද ගැටුම්වලින් යුක්රේන සිවිල් වැසියන් 5,514 දෙනකු මියගොස් ඇති බවත් 7,698 දෙනකු තුවාල ලබා ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.  බි්‍රතාන්‍යයේ, ‘බීබීසී’ පුවත් සේවය සහ රුසියානු පුවත් සේවාවලට අනුව, යුද ගැටුම්වලින් මියගිය රුසියන් සොල්දාදුවන් ගණන 15,000  කි. තුවාල ලැබූ ගණන 45,000 කට වැඩිය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ආරම්භ කර මාස 6 ක් ගත වුවත්, තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය තෙල් අර්බුදයකටත් ආහාර අර්බුදයකටත් මුහුණ පා සිටී.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 465 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site