IMG-LOGO

මගේ පවුලේ අයට පිිහිට වෙන්න හැකියාවක් නෑ

සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ජීවත් වන ඥාතීන් බොහෝ දෙනකු කුසගින්නේ පසුවන බවත්, ඔවුන්ට පිහිට වීමට නොහැකිව තමන් අසරණ වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, ටයිග්රේ පළාතේය. ටයිග්රේ බෙදුම්වාදී සටන්කාමීන් සටන් වදින්නේ ඉතියෝපියානු රජයේ හමුදා සමඟය. ගැටුම් හේතුවෙන් ටයිග්රේ සිවිල් වැසියන් සිටින්නේ කුසගින්නේය. ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ඉතියෝපියානු ජාතිකයෙකි.

‘මාගේ ඥාතීන් බොහෝ දෙනකු ඉතියෝපියාවේ  ජීවත් වෙනවා. මා දන්නවා ඔවුන් සිටින්නේ කුසගින්නේ. ඔවුන්ට පිහිට වෙන්න; මුදල් යවන්න මට හැකියාවක් නැහැ. ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ’ යැයි ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවක් අතරතුරේ පැවැසුවේ හැඟීම්බරවය.

ටයිග්රේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2000 වසරේදීය. එදා සිට මේ දක්වා ටයිග්රේ පළාත බාහිර ලෝකයෙන් වෙන් වී පවතී. නගරයට විදුලිය නොමැති අතර දුරකතන පහසුකම් පවා බිඳ වැටී ඇත. අන්තර්ජාල සහ බැංකු සේවා පවා ක්‍රියාත්මක වන්නේ නැත.

ඊයේ සිකුරාදා (26) ටයිග්රේ පළාතේ අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල වුණු රොකට් ප්‍රහාරයකින් ටයිග්රේ වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් දෙදෙනකු කුඩා දරුවන්ය.

(රොයිටර්)



අදහස් (0)

මගේ පවුලේ අයට පිිහිට වෙන්න හැකියාවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site