
ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක නව යුද ආධාර යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.
යුක්රේන නිදහස් දිනය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අමතමින්, හමුදා ආධාර ලබා දෙන බව පැවැසීය. ඒ යුක්රේනය නිදහස් දිනය සමරද්දීය.
රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් ගත වී තිබේ.
ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට ආධාර ලබා දෙන බවත්, එසේ ආධාර ලබා දෙන්නේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින දිග්ගැස්සෙන නිසා බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd